Login | not a member register now
          EN | SI | TA | Download Fonts
 
 
 
 
         
   
   
 
     
 
 

“විශ්ව තරඟකාරීත්වයට සුදුසු වනු පිණිස ශ්‍රී ලංකික යෞවනයන් බලගැන්වීමේ” දර්ශනය අරමුණු කර ගත් එඩෙක්ස් එක්ස්පො ප්‍රදර්ශනය, ජාතික මට්ටමින් දැන් ශ්රීන ලංකාවේ කොළඹ සහ මහනුවර අවුරුදු පතා පවත්වනු ලබන එකම ද්විත්ව මහා ප්‍රදර්ශනය වේ. “එඩෙක්ස්” ප්‍රදර්ශනයේ දර්ශනය සහ පරමාර්ථ රජයේ ප්‍රතිපත්තිවලට සමීපතම සම්බන්ධතාවක් දක්වන බැවින් මෙම ප්‍රදර්ශනයට ජනාධිපති ලේකම් කාර්යාලයේත්, අධ්‍යාපන අමාත්‍යාංශත්‍, කම්කරු සබඳතා සහ මිනිස්බල අමාත්‍යාංශයේත්, වෘත්තීය සහ කාර්මික පුහුණු අමාත්‍යාංශයේත් අනුග්රිහය ලැබී තිබේ.

අවුරුද්දක් අවුරුද්දක් පාසා සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව සහ නරඹන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුකොට ගෙන මෙම ප්‍රදර්ශනය පිළිබඳ පිළිගැනීම ශ්‍රී ලංකාවෙන් බාහිර වූ විදේශ රටවල් කරා ද විහිදී ගොස් ඇති බැවින් එයට සෘජුව ම සහභාගි වන විදේශිකයන්ගේ සංඛ්‍යාව ද විශාල ලෙස වැඩි වී තිබේ. වාසිදායක රැකියාවලට තුඩු දෙන පශ්චාත් ද්විතීයික, උපාධිධාරී සහ පශ්චාත් උපාධිධාරී ක්ෂේත්රට වල ද ශිල්පීය සහ වෘත්තීය පුහුණු ක්ෂ්‍රේත්‍ර වල ද තමන් කැමති තෝරාගැනීම්, විකල්ප මාර්ග සහ අවස්ථා සඳහා ශ්‍රී ලංකා යෞවනයන් ඒකරාශී කෙරෙන එකම විශාලතම ජාතික වේදිකාව බවට මෙම එඩෙක්ස් එක්ස්පො ජාතික උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රදර්ශනය අද පත් වී ඇත.

  • පශ්චාත් ද්විතීයික, ඩිප්ලෝමා , උපාධිධාරී සහ පශ්චාත් උපාධිධාරී ක්ෂ්‍රේත්‍ර වල දේශීය අධ්‍යාපනය, ජාත්‍යන්තර අධ්‍යාපනය සහ වෘත්තීය/බඳවා ගැනීම් ඇතුළු විවිධ අවස්ථා ගෙනහැර දක්වන ප්‍රධාන මණ්ඩප තුනක් එඩෙක්ස් එක්ස්පො ප්‍රදර්ශනයට ඇතුළත් වේ.
  • අමෙරිකා එක්ස්ත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, සිංගප්පූරුව, රුසියාව, ජපානය, බංගලාදේශය, ඉන්දියා, තායිලන්තය, චීනය, නේපාලය, ස්විට්සර්ලන්තය, සයිප්‍රසය, ප්‍රංශය, නවසීලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමිරේට් රාඡ්‍ය ආදී කොට ඇති 16 ට අධික විදේශ රටවල විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරන විදේශීය සහභාගි වන්නෝ මෙම ප්‍රදර්ශනයට පැමිණෙති.
  • විදේශීය විශ්ව විද්‍යාල සහ විවිධ අධ්‍යාපනික ආයතන 350 කට අධික ආයතනවලට “එම ස්ථානයේ දී ම” ඇතුළු වීමේ පහසුකම මෙහිදී සැපයේ. සම්පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව”දානය කිරීම සඳහා වූ පරිපාටි යටතේ අයදුම්පත් තක්සේරු කිරීම ද මෙම සහභාගිවන්නන් සිදු කරනු ඇත.
  • ප්‍රදර්ශනය පැවැත්වෙන සම්පූර්ණ කාලය පුරා, සහභාගිවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා වෘත්තීය මාර්ගෝපදේශ සම්මේලන සහ උපදේශ මධ්‍යස්තාන පැවැත්වේ.
  • දේශීය සහ විදේශීය බැංකු ඇතුළු පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ සංවිධාන විසින් රැකියාවන්ට බඳවා ගැනීම සඳහා පැමිණි වහාම සම්මුඛ පරීක්ෂන පවත්වනු ලැබේ.
  • රැකියා මාර්ග තෝරා ගැනීමේ දී විශාල වටිනාකමක් ලබා දෙන සුලු පොදු සහ කර්මාන්ත මූලික විෂයයන් පිළිබඳ සම්මේලන පවත්වනු ලැබේ.
  • තොරතුරැ තාක්ෂණය /BPO අංශවල පුහුණු කිරීම් සහ රැකියා අවස්ථා කොළඹ විශේෂ මණ්ඩපයක ප්‍රදර්ශනය කෙරනු ඇත.
  • එඩෙක්ස් වෙබ් අඩවිය වන www.edex.lk නැණසල අනර්තර්ජාල කුටි 500 ට ද “පාසල් ජාලය” හරහා රජයේ ද්විතීයික පාඨශාලා 1000 ට අධික සංඛ්‍යාවකට ද සම්බන්ධ කර ඇති බැවින් අගනා වෙබ් අඩවි තොරතුරු රැසක් ජේෂ්ඨ ශිෂ්‍ය පිරිසට, පාසල් හැර ගිය අයට රැකියා සොයමින් සිටින අයට සහ ශ්‍රී ලංකාවේ මෙන් ම ‍විදේශ වලද විකල්ප උසස් අධ්‍යාපනය අවස්ථා සොයමින් සිටින අයට ද ලබා ගත හැකිය.
 
 
 

 
 

Sponsors of EDEX Expo 2012


Information Technology Partner

Official Courier



Print Media Partner

Official Business Magazine

Official Magazine - Asia



Strategic Partners



Endorsed By

Organized By



 
 
Advertismentt
 
 
 
   
Copyright © 2006-2009 Edex All Rights Reserved. Solution by Ultimax.